![]() |
කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය ශිල්පිනී දිල් ප්‍රනාන්දු |
අතීතයේ සිට කාන්තාවකගේ සුන්දරත්වය ගැන කතා කරන විට ප්‍රධාන වශයෙන්ම ඇගේ කෙස් කලඹ පිළිබඳව කියැවෙනවා. අද වන විට කාන්තාවන් විවිධ විලාසිතාවන් තම කෙස් කලඹට එකතු කර ගනිමින් තව තවත් සුන්දරත්වය වැඩි කර ගැනීමට උත්සාහ දරනවා. ඉතින් ඒ නිසාම කාන්නාවන්ගේ ආභරණයක් බඳු කෙස් කලඹට සිදු කළ හැකි විලාසිතාවන් නිවැරදිව සිදු කර ගන්නේ කොහොමද කියලා සොයා බලන්න අපි සිතුවා. ඒ ගැන කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය ශිල්පිනී දිල් ප්‍රනාන්දු සමග සිදු කළ කතා බහයි මේ.
ප්‍ර හිසකෙස් පිළිබඳව කාන්තාවක් විදිහට කොයි තරම් දුරට සැලකිලිමත් විය යුතු ද?
අපි මූණට සාපේක්ෂව හිසකෙස්වලට අවධානය යොමු කරනවා අඩුයි. නමුත් ගොඩක් වෙලාවට කෙනෙකුගේ පෙනුම සඳහා ඇගේ කෙස්කලඹෙ Style එක සහ Healthy එක බලපානවා. අපේ බාහිර පෙනුම වෙනස් කරන්න පුළුවන් කොණ්ඩයෙන්.
ප්‍ර කෙනෙක් තමන්ගේ කොණ්ඩයට පෝෂණ සත්කාරයක් (Treatment) අවශ්‍යයි කියලා හඳුනා ගන්නේ කොහොම ද?
මුලින්ම තමන් හඳුනාගන්න ඕන තමන්ගේ කොණ්ඩය කොච්චර Dry වෙනවද කියන දේ පිළිබඳව. ඒ වගේම කොණ්ඩ ගස් ගැලවී යාම සිද්ධ වෙනවද, Moisturizer අඩුයිද, කොණ්ඩය කැඩිලා යනවද වගේ වෙනදට වඩා වේළුණ ගතියක් කොණ්ඩයෙන් දැනෙනව නම් - ඒ කියන්නේ කොණ්ඩයට සත්කාරයක් අවශ්‍යයි. මෙහෙම ප්‍රශ්නයක් දැනුණ ගමන් Treatment ආරම්භ කරන්න ඕනෑ. විශේෂයෙන් අවුරුදු 35න් පස්සේ ගැහැනු කෙනෙක් ගේ ශරීරයේ වෙනස්කම් සිද්ධ වෙනවා. එකක් තමයි මාසික ඔසප් වීම නතර වෙනවා, දරුවන් බිහිකළාම ශරීරය වෙනස් වෙනවා. ඒවත් එක්ක අපි නිතරම කියන්නේ කෙනෙක්ගේ හිසකෙස් වල වෙනසක් දැනෙනව නම් ඉක්මනින් ඒවට විසඳුමක් සොයා ගන්න අවශ්‍යයි. අපි පාවිච්චි කරන ෂැම්පු හෝ කන්ඩිෂන් වල ප්‍රශ්නයක්, හෝමෝන ගැටලුවක්, වතුර බොන එකේ අඩුකමක් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වල දී හිසකෙස්වලට ඒවා බලපානවා.
ප්‍ර හිසකෙස් ගැලවීයාම පිළිබඳව කතා කළොත් ?
කොණ්ඩා ගස් 50-100 අතර දවසකට ගැලවී යනව නම් ඒක සාමාන්‍ය දෙයක්. නමුත් කෙනෙක්ට හිතෙනව නම් තමන්ගේ කොණ්ඩය ගැලවී යාම අසාමාන්‍යයි කියලා හෝ වෙනදට වඩා කොට්ටයේ කොණ්ඩා ගස් තිබෙනව නම්, බිම වෙනදට වඩා කොණ්ඩය හැලිලා තියනවා කියලා දැනෙනව නම්, කොණ්ඩයේ ඝනකම අතට අල්ලද්දී වෙනදට වඩා අඩුයි කියලා හිතෙනවනම් වගේ කරුණු වලින් කොණ්ඩයේ ගැටලුවක් තියනවද කියලා හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන් කොණ්ඩය ගැලවිලා යන විදිහ ගත්තම කොණ්ඩ ගහ මුලින් ගැලවිලා යනවද නැතිනම් කැඩිලා යනවද කියලා බලන්න අවශ්‍යයි.
ප්‍ර කෙනෙක් තමන්ට ගැලපෙන කොණ්ඩා මෝස්තරය හඳුනාගන්නේ කොහොම ද?
කෙනෙක්ගේ බාහිර පෙනුම, කරන රැකියාව, පවුල් පසුබිම කියන හැම දේම බලපානවා එයා දාන කොණ්ඩා මෝස්තරයට. ඒ හැමදේම කතා කරලා එයාගේ මුහුණෙ හැඩයට ගැළපෙන විදිහට, මුහුණේ Week point cover වෙන විදිහට Style එක හෝ Cut එක කොණ්ඩයට සිදු කරන්න අවශ්‍යයි. මුහුණ මහත කෙනෙක් නම් කොණ්ඩ මෝස්තරයක් කරන්න අවශ්‍ය එයාගේ මුහුණ පොඩ්ඩක් කෙට්ටු කරන්න. ඒ විදිහට කොණ්ඩා මෝස්තරයෙන් සෑහෙන වෙනසක් මුහුණට කරන්න පුළුවන්. සාමාන්‍ය වයසක කෙනෙක් Hair Cut හෝ Style එකෙන් තරුණ පෙනුමකට ගන්න පුළුවන්.
ප්‍ර Hair Cut හෝ Hair Style කිහිපයක් ගැන කතා කළොත්?
හැම Hair Cut හෝ Style එකක්ම හැම කෙනෙකුටම ගැළපෙන්නෙ නැහැ. සමහර අය Butterfly Haircut එක නැතිනම් Short Haircut එහෙම කරනවා. හැබැයි හැම කෙනෙක්ටම ඒවා ගැළපෙන් නෑ. අදාළ කෙනාගේ මුහුණට ගැළපෙන විදිහට කොණ්ඩා මෝස්තරය නිතරම සිදු කළ යුතුයි.
ප්‍ර මහත කෙනෙක්ට?
ගොඩක් මුහුණ මහත කෙනෙක්ට නැත්තම් චබී පෙනුමක් තියන කෙනෙක්ට Re bonding එකක් ගැළපෙන්නේ නැහැ. මේකෙන් කොණ්ඩය Fully plat වීමක් සිද්ධ වෙනවා. එහෙම වුණාම මහත කෙනෙක් ගේ නම් මුහුණෙ මහත එළියට එනවා. ඒ නිසා ඝනකම වැඩියෙන් පෙනෙන Hair Cut එකක් එක්ක තිබෙන Soft bonding එකකට යන්න පුළුවන්. මේකෙ දි කොණ්ඩය plat වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මහත කෙනෙක්ට කර්ලි හෙයා එකෙන් තවත් මහත බව පේන්න ගන්නවා.
ප්‍ර කෙට්ටු කෙනෙක්ට?
මුහුණ කෙට්ටු කෙනෙක්ට නම් Re bonding එකක් ගැළපෙනවා. සමහර අයගේ කෙට්ටු මුහුණක් තියෙනව නම් මුහුණ පිරුණු ස්වාභාවයක් Hair Cut එකෙන් ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම කර්ලි හෙයා එකක් කෙට්ටු කෙනෙක්ට ගැළපෙනවා. නමුත් කොණ්ඩෙ කර්ලි කළාම කොණ්ඩෙට විශාල ඩැමේජ් එකක් සිද්ධ වෙනවා.
ඊට අමතරව Short Hair Style, Keratin වගේ Style වලට යන්න පුළුවන්. ඒ වගේම හිසකෙස් පාටට ගැළපෙන්න පෙනුම වෙනස් කරන්න පුළුවන්. මේ හැම Style එකක්ම මුහුණේ ස්වරූපය මත පදනම් වෙනවා. ඒ නිසා ඕනෑම Style එකකට යන්න පෙර ඒ පිළිබඳ දැනුමක් ඇති කෙනෙකු සමඟ කතා කිරීම වැදගත් වෙනවා.
ප්‍ර මේ Style එකක් කොණ්ඩෙට සිදු කරන්න කලින් මොන වගේ සත්කාරයක් කොණ්ඩෙට ලබා දෙනව ද?
කෙනෙක් ගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා නම් හෝ Dry වෙලා නම් Hair Cut හෝ Style එකකට යන්න පෙර කොලජන් සත්කාරයකට (Collagen) යන්න පුළුවන්. එහෙම නැත්තම් Deep Condition එකකට. කොණ්ඩ ගහ මුලින් ගැලවිලා යනවනම් මුලින්ම Treatment එකක් කරන්න අවශ්‍යයි. ෆැෂන් කරද්දී කොණ්ඩෙට ඩැමේජ් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ෆැෂන් එක්ක Treatment කරන්න අවශ්‍යයි.
ප්‍ර Hair Cut හෝ Style එකකට ගියාට පස්සේ එතනින් එහාට Treatment නවතිනවද?
ඒක තමයි ගොඩක් කරන නරකම දේ. ඒකට හේතුව සමහර අයට නිවැරදි මග පෙන්වීමක් නැතිකම. Re bonding එකක් කරපු කෙනෙක් නම් කෙමිකල් එක මත තමයි කොණ්ඩය සකස් කරලා තියෙන්නේ. ඒ විදිහට කොණ්ඩයට සිදු වෙන ඩැමේජ් එකට සාපේක්ෂව නැවත අපි ආය කොණ්ඩය රෙපයාර් කරන්න ඕනෑ. ස්ට්‍රේට් එකක් කරපු කෙනෙක්ට අපි සාමාන්‍යයෙන් මාස 6ක් යනකම් Treatment කරන්න අවශ්‍යයි. ඒ නිසා නිතරම Damages Fashion එක්ක Treatment යන්න අවශ්‍යයි.
සුදර්ශනි කෝණාර