’ගම්පහ ප්‍රදේශයේ සතොසෙත් නාඩු සහ සම්බා සහල් නෑ’


( තිලකරත්න දිසානායක )

සහල් මිල ගණන් ඉහළ යාමත් සමග ගම්පහ සහ යක්කල යන ප්‍රදේශයන්හි  සතොස වෙළඳසල්වලද නාඩු සහ සම්බා සහල් නොමැති ආකාරයක් දක්නට ඇත. 

එම සහල් වර්ග දෙකෙහි කිලෝවක් රුපියල් 90 ක මිලට අලෙවි කළ යුතු ලෙසට නියම කොට ඇති අතර දැනට සති කිහිපයක සිට නාඩු සහ සම්බා සහල් නොමැතිවීම සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ සතොස ගබඩාවලින් එම දෙවර්ගයේම සහල්  නොලැබෙන තත්ත්වයක් පවතින බවය. 

ගම්පහ  සහ යක්කල යන ප්‍රදේශයන්හි සුපිරි වෙළඳසල්වල රුපියල් 90 ක මිලට නාඩු සහල් පවතින  අතර එම වෙළදසල්ව වලින් අයෙකුට කිලෝ පහ බැගින් ලබා දීමට පියවර ගෙන ඇත. 

රට පුරා නාඩු සහ සම්බා සහල් හිගයක් කෘතීමව ඇති කොට තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් රජය කඩිනම් පියවරක් ගතයුතුව ඇති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.