(අංජුල මහික වීරරත්න)

පාසල්වල සංවිධානය කරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා අධික ලෙස මුදල් වැය කරමින් කටයුතු කරන සිද්ධීන් වාර්තා වන බැවින් එම කටයුතු සංවිධානයේ දී මාපියන් වෙත අමතර වැය බරක් නොයෙදෙන සේ ඉතාමත් චාම් අයුරින් හා අවම වියදමකින් එම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සියලු විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබේ.

මීට ඉහතදී ලබා දී ඇති උපදෙස් නොසලකා මෙම උත්සව සංවිධාන කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා කියයි.

තවද පාසල් මුල්‍ය කළමනාකරණය පිළිබඳව නිකුත් කර ඇති 54/2023 චක්‍රලේඛය හා අනෙකුත් මූල්‍ය චක්‍රලේඛවලට අනුගතව කටයුතු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරයි.