(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී රජය වරදක් කර තිබේ නම් අධිකරණයට යන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය.

එසේ නොකර වැඩ වර්ජනය කර ජනතාව ඊට ගොදුරු කරගන්න එපායැයි වෛද්‍ය  සංගමයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

රජයේ සේවයට එන්න නවක වෛද්‍යවරුන් සූදානම් නම් එය පදනම් කරගෙන වැඩ වර්ජන කර රෝගීන් අපහසුතාවයට පත් කිරීම කිසිසේත් සාධාරණ නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

වර්ජන පිටුපස තියෙන්නේ වෙන දේශපාලන අරමුණක් බව කී අමාත්‍යවරයා පත්වීමි ගෙන  සේවා ස්ථානවලට යාමට කිසි කෙනෙක් බයවෙන්න එපා යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව පැවැසීය.

"ඔබ ගිහින් සේවය අරඹන්න. ඔබට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය පැත්තෙන් මෙන්ම මහජනතාව වෙතින් ලැබෙනවා" යනුවෙන් ද අමාත්‍යවරයා කීය. දේශපාලන අරමුණක් වෙනුවෙන්  වැඩ වර්ජනය තවදුරටත් කරගෙන යන්න එපා යැයි පැවැසූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඔවුන් හැසිරෙන්නේ මේ විදිහට නම් ඔවුන් සමඟ සාකච්ඡා වලට නොයන බවද පැවැසීය.