අමදෝරු අමරජීව
අක්කර අඩි 114,000 ක ජල ධාරිතාවයක රැඳවිය හැකි කන්තලේ වැවේ මේ වන විට ඇත්තේ අක්කර අඩි 10,875 ක ජල ධාරිතාවයක් වන බැවින් ඉදිරියේ දී පානීය ජලය ලබාදීමේ අවදානමක් පවතින බව කන්තලේ කොට්ඨාස වාරිමාර්ග ඉංජිනේරු ඩබ්.එන්.ලක්මාල් මහතා පැවසීය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු වාරි ඉංජිනේරු ඩබ්.එන්.ලක්මාල් මහතා ඇතැම් කුඹුරුවලට අවසන් වතුර මුර දෙන්න බැරිවුණා. කොටසකට දකුණු ඉවුර ඇලක් කපලා දුන්නා. දැනට ඇති පානීය ජල ප්‍රශ්නයට පිළියම් යෙදිය යුතු වෙනවා. කන්තලේ වසා දමා ඇති සීනිකම්හළ යළි පටන් ගතහොත් කන්තලේ වැවෙන් සීනි කම්හලටත් වතුර දීලා කුඹුරු වලටත් වතුර දෙන්න වැවේ වතුර මදි වෙනවා. ඒ නිසා මේ ගැටලුවට මොරහගකන්දෙන් කන්තලේ වැවට ප්‍රමාණවත් වතුරක් ලබාදුනහොත් ගැටලුව විසඳා ගත හැකිය. එහෙම නැතිව වෙන විකල්පයක් නැහැ යැයි කීය.