(ශාන්ත චන්ද්‍රසිරි)
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසෙන මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති.
කොරෝනා වෛරසය මෙරට පැතිරීයාමේ අවදානම මත දැනට වසා දමා තිබෙන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ස්වාභාවික මංපෙත් සියල්ලම දෙස් විදෙස් සංචාරකයන්ට අපහුසතාවයකින් තොරව ගමන් කිරීම සඳහා සකස් කරමින් පවතින බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
වනෝද්‍යානය යලි දෙස් විදේස් සංචාරකයන්ට නැරඹීම සඳහා විවෘත කිරීමත් සමග ඔවුන්ට බාධාවකින් තොරව වනෝද්‍යානය ඇතුලත නැරඹීමට යාම පිණිස අවශ්‍ය කරනු ලබන මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීම මෙසේ වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සිදු කරමින් පවතින බවද ඒ මහතා කීය.
ලෝකාන්නතය, බේකර්ස් දිය ඇල්ල, චිමිණි පොකුණ ආදී හොර්ටන්තැන්න වනෝද්‍යානය ඇතුළත පිහිටි සුන්දර ස්ථාන නැරඹීමට පිවිසෙන ස්වාභාවික මංපෙත් සියල්ලම මෙසේ සකස් කරමින් බවතින බවත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට බොහෝමයක් අවසන් අදියරේ පවතින බවද හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.