හොරොයින් සමඟ අත්අඩංගුවට ගත් ගැබිනිය රඳවා ප්‍රශ්න කරන්නට අවසර


(ඩි.ජී.සුගතපාල)
 
හෙරොයින් ග්‍රෑම් 16 ක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගැබිනි කාන්තාව දින 7ක් පොලිසියේ රඳවා තබාගෙන වැඩිදුර පරික්ෂණ පැවැත්විමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හබරාදුව පොලිසියට අවසර ලබා දුන්නේය.
 
මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය ලබා දුන්නේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලිමෙන් පසුවය.
 
මෙසේ රඳවා තබා ගැනිමට නියෝග කරනු ලබුවේ   පිලාන වංචාවල හරිතගම පදිංචි මධුකා ලක්වානි පරණවිතාන නමැති 26හැවිරිදි  අට මස් ගැබිණි කාන්තාවකි.
 
සැකකාරිය ඊයේ (21) දින දහවල් මාතර ප්‍රදේශයේ සිට හෙරොයින් රැගෙන ත්‍රි රෝද රථයකින් පැමිණ නිවසට ඇතුලුවනවාත් සමඟ රැකවලෙහි සිටි පොලිස් නිලධාරින් විසින් හෙරොයින් බෑගයද සමග අත් අඩංගුවට ගෙන ඇත.
 
පසුව සැකකාරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.  
 
 සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ ඇයගේ  සැමියාද හෙරොයින් ලඟ තබා ගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර  පසුව මෙම කාන්තාව හෙරොයින් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවය..
 
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක ජනක,උප පොලිස් පරික්ෂක විමල්,සැරයන් ගුණසේකර(62923) කොස්තාපල්වරුන්වන රංජය(24208) රාජපක්ෂ(24052) කාන්තා උප පොලිස් පරික්ෂිකා අනුශිකා යන මහත්ම මහත්මින් විසින් සැකකාරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.