( ජයන්ත සමරකෝන් )
මට්ටක්කුලිය ෆර්ගියුෂන් පාරේ පිහිටි නිවාස වලට හොරෙන් ජලය ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනකු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අනවසර ජල වැටලීම් අංශය පොලීසිය සමඟ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී නිවාස 300 ක් පමණ පරීක්ෂාවට ලක් කළ බවද එහි නිලධාරියෙකු පැවසීය.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සිය නිවෙස් සඳහා ජලය හොරෙන් ලබාගෙන ඇත්තේ ජල මීටර් පවා නොමැතිව බවද පරීක්සණවලදී හෙළි වී ඇතැයි ද එම නිලධාරීයා කීවේය. රුපියල් 28,000 ක ජලබිල් පතක් නොගෙවීම හේතුවෙන් එක් නිවසක ජල සම්බන්ධතාවය විසන්ධි කර තිබියදී වෙනත් ජල නලයකින් හොරෙන් ජලය ලබාගෙන ඇතැයිද හෙළි වී තිබේ.
සැකකරුවන් 6 දෙනා හෙට මාලිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

