(ඩී.ජී.සුගතපාල)
පුතා විසින් පියාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඉඩමේ අයිතිය පවරා ගැනීමේ ඔප්පුවක සාක්කිකරුවන් ලෙස අත්සන් කරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලිකඩ ගිණිමැල්ලගහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකි. ව්‍යාජ අත්සන යොදා ඇති සැකකාර පුතා මේ වනවිට මියගොස් ඇති නිසා සාක්කිකරුවන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
ගිණිමැල්ලගහ ප්‍රදේශයේ පුද්ගලයකු 2012 වසරේ දී තම පියාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඉඩමේ අයිතිය ඔප්පුවකින් පවරා ගෙන ඇත. මෙම සිද්ධිය දැනගත් සැකකරුගේ නැගණිය මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව අත් අකුරු පරික්ෂණයකට රජයේ රස පරික්ෂක වෙත යවන ලද අතර අත් අකුරු වාර්තාවේ සඳහන් කර ඇත්තේ ඔප්පුවේ ඇති පියාගේ අත්සන ව්‍යාජ එකක් බවයි.
මේ වනවිට පියා සහ පුතා ද මිය ගොස් ඇති අතර පරික්ෂණ පැවැත්වූ පොලිසිය ඔප්පුවේ සාක්කිකරුවන් ලෙස අත්සන් කර තිබු දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

