(ජේ.කේ.එල් චාමින්ද)
යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් රැගෙන යමින් සිටි තරුණයකු අද (22) පස්වරුවේ දී අක්මීමන ගිණිගල්තුඩුව හන්දියේ දී අත්අඩංගුවට ගත්බව අක්මීමන පොලිසිය පවසයි.
අත්අඩංගුවට සැකකරු යක්ගහ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
සැකකරු යක්ගහ ප්‍රදේශයේ සිට ගණුදෙණුකරුවකුට ලබාදීම සඳහා මෙම මත්කුඩු රැගෙන යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
පොලිස් නිලධාරින් විසින් සැකකරු සමඟ පොරබැද ඔහු මෙල්ල කරගෙන අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
සැකකරු හෙට (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව අක්මිම පොලිසිය පැවසීය.