ක.ග කරුණාරත්න
මැදිරිගිරිය, මහ අඹගස්වැව ශ්‍රී රාහුල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවන්ට ඉංග්‍රීසි සහ චිත්‍ර විෂය ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරු ලබාදෙන ලෙස ඉල්ලා ඒ දරුවන්ගේ මාපියෝ අද (2) හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
උද්ඝෝෂණයට 200 ක පමණ පිරිසක් පැමිණ සිටි අතර විරෝධතාව පැය 2 කට ආසන්න කාලයක් පැවැත්විණි.
එම ගැටළුවට ඉක්මණින් විසඳුම් ලබාදෙන බවට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) වික්‍රමසිංහ බණ්ඩාර මහතා විසින් දරුවන්ගේ දෙමාපියන්ට පොරොන්දු වීමෙන් පසුව ඔවුහු විසිර ගියහ.