හික්කඩුව වලමල්ලේ පාලමක් යට අත්බෝම්බ-උණ්ඩ


(ඩී.ජී.සුගතපාල)
 
හික්කඩුව වලමල්ලේ පාලමක් යට සඟවා තිබු ජීව අත් අත්බෝම්බයක් සහ ටී.56 වර්ගයේ උණ්ඩ 9ක් සොයා ගත් බව රත්ගම විශේෂ කාර්ය බලකාය පවසයි.
 
ලැබුන තොරතුරක් මත මෙම බෝම්බය සහ උණ්ඩ සොයාගෙන ඇති අතර සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.වැඩිදුර පරික්ෂණ සඳහා ඒවා රත්ගම පොලිසියට බාරදි තිබේ.