
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල පොලිසියේ නඩු භාණ්ඩ අතර තිබූ රුපියල් 500/= මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
2023 වර්ෂයේ බොරැල්ල පොලිස් ස්ථානයේ සිදු කරන ලද නඩු භාණ්ඩ සම්බන්ධ විගණන වාර්තාව අනුව නඩු බඩු කාමරයේ තිබූ නඩු බාන්ඩ 57 ක් අස්ථාන ගතවී ඇති බවට අනාවරණය වී තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා මීට දින 51 කට පෙරදී සමන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිට විශ්‍රාම ගිය නිලධාරියකු බව පොලිසිය කියයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු, හා පොලිස් සැරයන්වරුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd