(සජීවා කෝට්ටගොඩ)

මහව  අමුණකොලේ, බලල්ල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයක තිබූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති කලු ගලක් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයන් සිව්දෙනකු ඔවුන් පැමිණි වෑන් රථය සමග අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලීසිය කියයි.

202 - පන්වැව පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ තිබූ අනුරාධපුර යුගයට අයත් බව සැලකෙන සිරි පතුල නෙළා ඇති කළු ගල සොරා ගැනීමට තැත්කර ඇතැයි පොලීසිය කියයි. සිරි පතුල කොටා ඇති ගලෙහි වටිනා පුරාවස්තු ඇතැයි යන විශ්වාසය මත එය සොරකම් කිරීමට උත්සහ කරන්න ඇතැයි විමර්ශන නිලධාරීහූ සදහන් කරති.

අත්අඩංගුවට ගත් සැකකරුවන්නිකවැරටිය සහ රස්නායකපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලීසිය සදහන් කරයි.