(රංජිත් රාජපක්ෂ)
හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ යුලිකැප්ටස් වගා රක්ෂිතයේ අද(07) හටගත් ගින්නකින් අක්කර 25 පමණ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
රක්ෂිතයෙන් හටගත් ගින්න කඳු මුදුණේ පිහිටි රුවන්පුර ගම්මානය දක්වා පැතිර යමින් තිබූ අතර වතු කම්කරුවෝ දරඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කළහ.
මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිතවල සැරිසරන සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් මෙලෙස ගිනි තබන බව රුවන්පුර ගම්වාසීහු පවසති.
මෙම ගිනිතැබීම් හේතුවෙන් රක්ෂිතවල සිට පහළට ගලා බසින ජල මූලාශ්‍රද සිඳී යමින් පවතී. ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.




