හාලි ඇල ඉඩමක ජීව අත්බෝම්බයක්


(පාලිත ආරියවංශ  සහ ප්‍රසාද් රුක්මල් )


හාලි ඇල නාරංගල කෝපියාවත්තේ   පෞද්ගලික  ඉඩමක තිබී  ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.


ඊයේ  රාත්‍රියේදී මෙම අත් බෝම්බය තිබෙනු දැක නිවෙස් හිමියා පොලීසියට ඒ බව පැමිණිලි කර තිබේ. 


එම බොම්බය  අද (23)  නිෂ්ක්‍රීය කිරීමට පියවරගන්නා බවද හාලිඇල පොලිසිය පැවසීය.