IMG-LOGO

ඖෂධ - උපකරණ රෝහල්වල නැතැයි වෛද්‍ය විශේෂඥයෝ ඇමතිට ලියති

(යොහාන් භාසුර)

රෝගීන්ට අවශ්‍ය උපකරණ සහ ඖෂධ රෝහල්වලට විධිමත්ව සපයා නොමැති යැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට යොමු කළ ලිපියකින් තහවුරු වන බව සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී  එසේ පැවසීය.

රෝහල්වල ඖෂධ නොමැති නම් රෝගීන් ලවා පිටතින් ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතියක් වන ලකුණු පහළ වෙමින් ඇති බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය යොමු කළ ලිපිය මගින් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න පහක් සදහා පිළිතුරු ඉල්ලා ඇති බවත් ඒ මහතා කීය.

ඒ අනුව රෝගියාට හෝ ඥාතියාට බෙහෙත් වට්ටෝරු පිටතින් ගන්න කියන්න පුළුවන්ද, මෙම දේවල් මිලදී ගන්න පුළුවන් ස්ථාන දැනුම්දෙන්න පුළුවන්ද, බාහිර රෝගී අංශවලට එන අයට වට්ටෝරු දිය හැකිද? නැත්තං ඒකට සෞඛ්‍ය පරිපාලක අනුමැතිය අනිවාර්යද, රෝහල්වල නොමැති රසායන පරීක්ෂණ පිටතින් කරවන්න වට්ටෝරු දිය හැකිද සහ ඖෂධ, උපකරණ, පරීක්ෂණ නොමැති බව රෝගියාට හෝ ඥාතීන්ට  දන්වන්න පුළුවන්ද එම ප්‍රශ්න පහ බව ද ඔහු සඳහන් කළේය.

එවන් තත්ත්වයක් තිබියදී පවා, රෝගීන් ලවා විවිධ ද්‍රව්‍ය බාහිර ආයතනවලින් මුදලට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බවට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජයමුණි ප්‍රකාශ කර තිබු බවද කුමුදේශ් මහතා සඳහන් කළේය.

ඖෂධ මිල පාලනය සහ සැපයීම් විධිමත් කිරීම සඳහා මිල කමිටු පිළිබඳව ගැටලුව විසඳුවා යැයි හංසක විජේමුණි ඇමතිවරයා කිව්වට ඒක වෙනත් විදිහකින් ඉස්සරහට ගේන්න මේ වෙලාවේ උත්සාහ කරමින් සිටින බව කී රවී කුමුදේශ් මහතා අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා තෝරාගැනීමේදී සමාගම් කිහිපයකට ප්‍රමුඛතාවය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වූ බව ඖෂධ සමාගම් කිහිපයක් ඇතුළත් සංගමයක් සෟඛ්‍ය අමාත්‍යවරයාට යොමු කර ලිපියක සඳහන්ව ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (3)

ඖෂධ - උපකරණ රෝහල්වල නැතැයි වෛද්‍ය විශේෂඥයෝ ඇමතිට ලියති

අරවින්ද මොණරවිල Tuesday, 24 June 2025 04:34 PM

මෙපමණ කාලයක් බාහිර හා නේවාසික රෝගීන්ට පිටතින් ඖෂධ රැගෙන එන්න තුණ්ඩු ලියලා දුන්නේ ඇමැතිවරුන්ගෙන් අහලාද, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියගේ කේස් එකට දොස්තරලාට හා ඔවුන් එක්ක හැමදාම මරා ගත්ත අතුරු වෛද්‍ය සේවයේ කුමුදේෂ්ටත් හොඳම රිදිලා වගේ? දැන් නයි, මුගටි එක කොටේ උඩ නැගලා රවි කුමුදේෂ් විශේෂඥ වෛද්‍යවරුන්ගේ රෙදි හෝදනවා මහ දවල්...!

:       2       5

subawarsha Tuesday, 24 June 2025 04:35 PM

දැන් රවී කුමුදේශ් වෛද්‍ය විශේෂඥයෙක්ද? රසායනාගාර කාර්මිකයෙක් ගිය උඩක්...

:       2       9

Malake Tuesday, 24 June 2025 07:38 PM

වැඩ තහනම් කෙනෙක් රජය ගැන විවේචනය කරන්නේ කොහොමද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 99 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2235 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 692 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site