සමන් පාලිත නානයක්කාර
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ නොමනා හැසිරීමක් පෙන්නුම් කළ බවට විරෝධය පළ කරමින් අද (11) හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ප්‍රාදේශීය සභා වහලය මත නැගී විරෝධතාවයක නියැලුණහ.
වැසිකිළි ඉදි කිරීමක දී ඇතිවූ අක්‍රමිකතාවක් හෙළි කිරීමට යාමේදී මෙම තත්ත්වය උදා වූ බව විරෝධතාවයට එක්වූ මන්ත්‍රීවරු පැවසූහ.
සභාවේ තේ විවේකය අවස්ථාවේදී ඔවුහු මෙම විරෝධතාවය ආරම්භ කළහ.
මෙසේ විරෝධතාවයට එක් වී සිටින්නේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් වන අසංක සල්ගාදු (එක්සත් ජාතික පක්ෂය) සුරංජිත් අමරවංශ (එක්සත් ජාතික පක්ෂය) චන්ද්‍රසිරි පෙරේරා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ගාමිණි ජයන්ත (ස්වාධීන) යන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකි.

