(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ එඩිෂන් ආශ්‍රිත රජයේ වන වගාවක අද (20) රාත්‍රියේ පැතිර යන විශාල ගින්නක් නිවීම සඳහා දියතලාව යුද හමුදාව කැදවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.
එඩිෂන් පතන පහළ කොටසේ ඇති වූ ගින්න උඩරට දුම්රිය මාර්ගය දෙසට පැතිර යාම වලක්වා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.