(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ එච්.එම්.ධර්මපාල)

පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් මත්ද්‍රව‍ය  සමඟ අද(09) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය  සඳහන් කරයි.

එම කාන්තාව සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව‍ය  ග්‍රෑම් 15 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මොරගහහේන  පොලිස් වසමේ කුඹුක ප්‍රදේශයේ කාන්තාවක් කුශ් නමැති මත්ද්‍රව‍ය  රහසිගතව නිවසේ තබා ගනිමින් අවට ප්‍රදේශවලට බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව  පොලිස් පරීක්ෂක විමල් ඇතුළු කණ්ඩායමක් සැකකාරිය පදිංචිව සිටින වැටලීමේ දී සැකකාරිය තම පුතා පොලිස් පරීක්ෂකවරයකු බව පවසා විරෝධය දක්වා ඇති අතර එම විරෝධය නොතකා පොලිස් කාන්තාවක් සැකකාරිය පරික්ෂා කිරීමේ දී ඇය සන්තකයේ තිබී මෙම මත්ද්‍රව‍ය  සොයාගත් බව පොලිසිය කියයි.