සොරා ගත් වාහනවල එන්ජින් අංක වෙනස් කළ දෙදෙනක් අල්ලයි



 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සොරාගත් වාහන වලට ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් අංක ගසන ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනකු පිලියන්දල මකුලුදූව නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

සොරාගත් බවට සැකකරන ත්‍රි රෝද රථයක්, පරිගනකයක්, ස්ටිකර් කපන මැෂිමක්, රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් උල් කටු - ග්‍රයින්ඩරයක් හා තවත් උපකරණ කිහිපයක් ද සැකකරුවන් සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.

සොරකම් කර රැගෙන එන අන්සතු වාහනවලට ඉතා අධික මිලක් ලබාගෙන  සූක්ෂ්ම ලෙස පරිගනක තාක්ෂණය මෙන්ම රසායනික ද්‍රව්‍ය ආධාර කරගෙන ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් සකසන ජාවාරමක පුද්ගලයකු නිරත වන බවයි.