සේරක්කුලිය කලපු තීරයෙන් ලක්ෂ 20 ක කහ අල්ලයි


 

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

සේරක්කුලිය කලපු තිරයට වල්ලම් උපයෝගී කර ගනිමින් රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් කහ තොගයක් හා සැකකරුවන් තිදෙනෙකු පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ නිළධාරින් විසින් අද (7) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

ඩිංගි ධිවර යාත්‍රා වලින් රැගෙන ආ උර 33 ක තිබු  කහ කිලෝ 670 ක තොගය වල්ලම් දෙකක් යොදා ගනිමින් සේරක්කුලිය කලපු තිරයට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

නාවික හමුදාව පවසන්නේ මෙයට පෙර සේරක්කුලිය කලපුවට කහ රැගෙන එමක් සිදුව නැති බවත් ආරක්ෂක අංශවල අවධානය අඩු බවට විශ්වාස කරමින් අදාළ කහ තොගය මෙසේ සේරක්කුලිය කලපු තීරයට රැගෙන එමෙන් පසුව ලොරි රථ වලින් ප්‍රවාහනයට කටයුතු යොදා තිබු බවයි.‍

නාවික හමුදාව පවසන්නේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඉන්දියාවේ සිට මෙම කහ තොගය රැගෙන එම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි.

අත් අඩංගුවට ගත් කහ තොගය ශ්‍රී ලංකා රේගුවට බාර දිමට පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ නිළධාරින් කටයුතු කෙරිණි.