(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල සීනිගම දෙවොල් දේව මංගල්‍යය ඇතුළත් ඇසල මහා පූජෝත්සවය මෙවර නොපැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා අද (09) පැවසීය.
සිනිගම දේවාල මහා භාරකාර මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ මෙම දේව මංගල්‍යයේ 52 වන පූජා උත්සවය වන අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම තීරණය ගනු ලැබූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එහෙත් වාර්ෂිකව පැවැත්වෙන දේව චාරිත්‍ර සහ ජූජා විධි භාරකාර මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවත් වෙනත් කිසිවකුට මෙයට සම්බන්ධ වීමට ඉඩක් නැති බවත් ඒ සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.