සිසුවෙකු අපයෝජනය කළ මහාධිකරණ සේවයකයා අත්අඩංගුවට


(පාලිත ආරියවංශ)
 
බාල වයස්කාර පාසැල් ශිෂ්‍යයකු අපයෝජනය  කළේ යැයි සැකපිට බදුල්ල මහාධිකරණයේ සේවකයෙකු අද (20) අත්අඩංගුව ට ගත් බව බදුල්ල පොලිසිය  පවසයි.
 
සැකකරු 42 හැවිරිදි අයෙකි.
 
බදුල්ලේ පාසැලක 2 ශ්‍රේණියේ   ඉගෙනුම ලබන 8 හැවිරිදි ශිෂ්‍යයකු මෙලෙස අතවරයට පත්ව ඇති අතර ඔහු වෛද්‍ය පරීක්ෂණය සඳහා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබේ.
 
සැකකරුගේ නිවස එම දරුවාගේ නිවස ආසන්නයේ ම පිහිටා ඇති බවත්, දරුවා සැකකරුගේ නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී අපරාධය කර ඇති බව අනාවරණය වූ බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
සැකකරු අද (20) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතය.