සිසුවියක් ලිංගික අපයෝජනයකට ලක්කළ ගුරුවරයෙක් රිමාන්ඩ්


(ක.ග.කරුණාරත්න)

බාල වයස්කාර පාසැල් සිසුවියක ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන පාසැල් ගුරුවරයෙකු හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 28  වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද (15) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පොලොන්නරුව, ගල්අමුණ , ට්‍රැක් 07 ලිපිනයේ පදිංචි විවාහක තිදරු පියෙකි.

මේ පුද්ගලයා ගල්අමුණ ප්‍රදේශයේ පාසැලක විද්‍යා විෂය උගන්වන ගුරුවරයෙකු බවත් අතවරයට ලක්වූ දැරියද එම ගුරුවරයා උගන්වන පන්තියේ ශිෂ්‍යාවක බවත් කෙරෝනා වසංගතය නිසා දීර්ඝ වූ පාසැල් නිවාඩු සමයේ අතපසුවූ පාඩම් කියා දෙන්නට සැකකරු දැරියගේ නිවෙසට ගොස් නිවෙසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක බලහත්කාරයෙන් දැරියට අතවර කර තිබෙන බවත් විමර්ශන වලදී අනාවරණයවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරිම සඳහා රෝහල් ගතකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.