(ඩි.ජී.සුගතපාල)
මාතර බන්ධනාගාරයේ විශේෂ සැකකරුවන් රඳවා සිටින වාට්ටුවේ සැකකරුවෙකු ලඟ තිබි ජංගම දුරකතනයක් සහ චාජරයක් සොයා ගැනිමෙන් පසු එය බන්ධනාගාරය තුලට ගෙනැවිත් දුන් බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි වහාම වැඩ තහනමට ලක් කල බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවි විශේෂ වාට්ටුවේ රඳවා සිටින මිරිස්ස පොල්අතුමෝදර ප්‍රදේශයේ සැකකරුවෙකුගේ කලිසන් සාක්කුවේ තිබි ජංගම දුර කනතයක් සහ චාජරයක් ඊයේ සොයා ගැනිමෙන් පසු එම සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදි ඔහු පවසා ඇත්තේ බන්ධනාගාරයේ සිටින සිරකරුවෙකුගෙන් එය ලබාගත් බවය.
ඒ අනුව එම සිරකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදි පවසා ඇත්තේ මිරිස්ස පොල්අතුමෝදර සිට පැමිණෙන බන්ධනාගාර නියාමකවරයෙකු ගෙනැවිත් දුන් බවය.
පසුව බන්ධනාගාර නියාමකවරයාගෙන් ප්‍රශ්ණ කිරිමේදි ඔහු පවසා ඇත්තේ මිරිස්ස පොල්අතුමෝදර පුද්ගලයෙකු ප්‍රධාන සැකකරුට දෙන ලෙස ජංගම දුර කතනය සහ චාජරය දුන් බවය.
අවසරයකින් තොරව ජංගම දුර කතනයක් සිරකරුවෙකුට ලබාදිමේ චෝදනාව යටතේ බන්ධනාගාර නියාමකවරයාගේ සේවය අත් හිටුවා ඇත.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.