(පද්මා කුමාරී කංකානම්ගේ )
සමගි ජන බලවේගයට අයත් මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 4000 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ද සමගින් කල්පිටිය කන්දකුළිය අතුරු මාර්ගයක දී අද (18) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
සැකකරුවන් අතර සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු වන ටිකිරි හේරත් නැමැත්තාද වන අතර ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා පොස්ටර් බව අනාවරණය වූ බවකල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර පවසයි.
පොස්ටර් ප්‍රවාහනය කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව පැවසූ ස්ථානාධිපතිවරයා සැකකරුවන් හෙට (19) මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.