(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බෙලිහුල්ඔය සබරගමු විශ්වවිද්‍යාලය ආසන්නයේ ඇති රක්ෂිතයක අද (21) ගින්නක් හට ගෙන ඇති බව සමනල වැව පොලිසිය පැවැසීය.
සමනල වැව පොලිසිය සහ සබරගමු විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක අංශ එක්ව ගින් මැඩ පැවැත්වීම සඳහා කටයුතු කළ බව පොලිසිය සඳහන් කළේය
එම ගින්න පැය හතරකට වැඩි කාලයකි පැවැති බවත් ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර තුනකට ආසන්න භුමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පොලිසිය පැවසීය.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලිසිය කීය.