(මනුල වික්‍රම)
අනුරාධපුර පුද බිමේ ඉදිකෙරෙන සඳහිරු සෑය දාගැබේ හතරැස් කොටුවේ පාදමට මුල්ගල තැබීම අද (25) උදෑසන සුබ මොහොතින් සිදු කෙරිණි.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මුල්ගලතැබීමේ අවස්ථාවට වන්නි ආඥාපති මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ මහතා ඇතුළු සඳහිරුසෑය ව්‍යාපෘතිය භාර යුද හමුදා ප්‍රධානීන් පිරිසක් එක්වූහ.
මෙහි වැඩ අවසන්වන විට සම්පූර්ණ උස විය යුත්තේ අඩි 282 යි අඟල් 6 කි. වටප්‍රමාණය අඩි 800කි. දාගැබේ ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් ද සිවිල් ජනයාගේ පුණ්‍යාධාර හා ශ්‍රමදානයෙන් ද සිදුකෙරේ.
දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය නිමා කළ මානුෂීය මෙහෙයුමට කැපවූ රණවිරුවන් උදෙසා පිං අනුමෝදනා කර රටේ තිරසාර සාමයක් උදෙසා ආශිර්වාද කිරීමේ අරමුණින් මෙම දාගැබ ඉදිකෙරේ. එය ඉදිවන්නේ ශ්‍රී මහා බෝධින් වහනසේට දකුණු දෙසිනි.
අද උදෑසන ආගමික වතාවත් සඳහා අනුරාධපුර ලංකාරාමාධිකාරී උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැලපනාවේ ධම්මජෝති, මිරිසවැටිය විහාරාධිකාරී හා ශ්‍රී ලංකා රජරට විශ්විද්‍යායලයේ කුලපකි ඊතලවැටුණවැවේ ඤාණතිලක , අභයගිරි විහාරාධිකාරී අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ආචාර්ය කල්ලංචියේ රතනසිරි , ජේතවන විහාරාධිකාරී , කථිකාචාර්ය කුඩාහම්මිල්ලෑවේ රතනපාල හා මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන යන නාහිමිවරු මෙම අවස්ථාවට එක්වුහ.