වෙළඳසල් පරිපාලකයාට කිනිස්සෙන් ඇන්න වරිපනම් නිලධරයා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසුව මතුගම ප්‍රාදේශීය සභාව තුළදී වෙළඳසල් පරිපාලකවරයාට කිනිස්සකින් ඇණ බරපතල තුවාල සිදු කළ වරිපනම් නිලධාරියා අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. තුවාල ලද වෙළඳසල් පරිපාලකයා වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත.


සැකකාර වරිපනම් නිලධාරියාගෙන් තුවාල ලද වෙළඳසැල් පරිපාලකවරයා මීට මාස කිහිපයකට ඉහත ආපසු දීමේ පොරොන්දුව මත ලබාගත් ණය මුදලක් ඔහුගෙන් නැවත ඉල්ලා සිටීමේදී දෙදෙනා අතර බහින්බස් වීමෙන් පසු සඟවාගෙන සිටි කිනිස්සකින් ඇණ තිබූ බව පොලිසිය කියයි.

මේ හේතුවෙන් ඔහුගේ වම් අතෙහි ඇඟිලි දෙකකට තුවාල සිදුව තිබේ. තුවාල ලද තැනැත්තාගේ බිරිඳ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.