(කේෂර ගුණතිලක)
මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස වෙඩිතබා ඝාතනය කැර ඇත්තේ මොනරාගල මාරාව තෙනගල්ලන්ද පදිංචි ඩී.එම් සෝභිත දිසානායක (50) නැමති ගොවි මහතෙකි.
ඊයේ රාත්‍රෘයේ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකැර තිබෙන අතර සැකකරු යුධ හමුදාවෙන් පළාගිය අයෙකි.
මියගිය අය රාත්‍රී 8.30 ට පමණ නිවසේ සාලයේ සිටින විට පැමිණ ඇති සැකකරු ඔහු සමඟ බහින්බස්වී වෙඩිතබා ඇත.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ හෙතෙම මොනරාගල මහ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇත. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.