විශ්‍රාමික බන්ධනාගාර සැරයන්වරයා ගිනි අවියක් - උණ්ඩ සමග අත්අඩංගුවට


බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

විශ්‍රාමික බන්ධනාගාර සැරයන්වරයකු පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග අත්තිඩිය බෝ සෙවණ මාවතේ නිවසක දී අද (23) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි .

ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් අනුව විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවිය සහ ජීව උණ්ඩ 4 ක් සහ මැගසිනයක්  සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සදහන් කරයි .

විශ්‍රාමික  සැරයන් වරයාගේ නිවසෙහි නාන කාමරයෙහි රහසිගත ස්ථානයක ගිනි අවිය සහ උණ්ඩ සගවා තිබිය දී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සදහන් කරයි .

67 හැවිරිදි සැකකරු හෙට (24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .