විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරද්දි වැඩිහිටි දීමනාව ගෙවීම් කටයුතු අත්හිටුවයි


රංජිත් රාජපක්ෂ

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග විශ්‍රාම වැටුප් ලාභින්ට සහ වැඩිහිටියන්ට මාසිකව ගෙවනු ලබන දිමනාව (05) දින සිට ගෙවන බවට රජය විසින් ප්‍රකාශයට පත් කිරිමත් සමග විශ්‍රාම වැටුප්ලාභින් රාජ්‍යය බැංකු වෙතත් , වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණෙන වැඩිහිටියෝ හැටන් තැපැල් කාර්යයාලය වෙත පැමිණ සිටියහ.

හැටන් ප්‍රදේශයේ රාජ්‍යය බැංකු විසින් විශ්‍රාම වැටුප් ලාභින්ට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශ්‍රාම වැටුප් ගෙවිම් කටයුතු සිදු කල අතර , වැඩිහිටි දිමනාව ලබා ගැනිමට උදැසන සිට හැටන් තැපැල් කාර්යයාල වෙත පැමිණ සිටි වැඩිහිටියන්ව ආපසු හරවා යැවිමට තැපැල් කාර්යයාලය නිලධාරින් කටයුතු කරනු ලැබිණි.

වැඩිහිටියන්ට මාසිකව ගෙවනු ලබන රු දෙදහසක වැඩිහිටි දිමනාවට අදාල චෙක්පත ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය මගින් මෙතෙක් තම කාර්යයාලය වෙත එවා නොමැති නිසා (05) දින ගෙවිම් කටයුතු සිදු කිරිමට නොහැකි බව හැටන් තැපැල් කාර්යයාල නිලධාරින් විසින් වැඩිහිටය්නව දැනුවත් කර ආපසු හරවා යවනු ලැබිණි.