(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගල් අඟුරු වංචාව යනු ලංකා ඉතිහාසයේ සිදුවූ සංවිධානාත්මක මංකොල්ලයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා:-(ස.ජ.බ)

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී ස්ථිර කරමින් පැවසීය.

"මම මේ විශ්වාස භංග යෝජනාව ස්ථිර කරනවා.හරි නම් මේ ගැන විවාදයක් තියන්න අවශ්‍යත් නෑ. හොරා කාලා කියලා මුළු රටම දන්නවා.මෙයින් බිලියන තිහකට වඩා නාස්තියක් අවභාවිතාවක් වෙලා තියෙනවා.මේක ලංකා ඉතිහාසයේ සිදුවූ සංවිධානාත්මක මංකොල්ලයක්.2025 වසරේ මේ සැපයුම්කරු ලියාපදිංචි වෙන්න කලින්ම ලංසු පත්‍රිකාව ඔහුට ලබා දී තිබෙනවා.එහෙම කරන්නේ කොහොමද? හැබැයි එයා ලියාපදිංචි වෙන්න අවශ්‍ය ඩොලර් පන්දාහ ගෙවා තිබෙන්නේ අගෝස්තු මාසේ 22 වැනිදා.මේක සැලසුම් කල දෙයක් බව අප හොඳින් දන්නවා.ඒ වගේම මෙතුමා රුසියාවට ගිහින් ගල් අඟුරු සැපයුම් සමාගම හමුවුණා.ඒ සමාගමේ ලංකාවේ ඒජන්තවරයා ඉවත් කරන ලෙස එහිදී ඉල්ලා සිට තිබෙනවා.ඒ ඉල්ලීම කර ඇත්තේ එයාට කැමති කෙනෙක් දාගන්න.ඒ සමාගම ඊට අකමැති වූ නිසා නැව් එකොළහකින් පස්සේ ඒ ගනුදෙනුව නැවතුනා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.