විදේශීය කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරුවෙකු රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)

ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(03) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධානාගර ගත කරනු ලැබුවේ අක්මිමණ පොලිස් වසමේ අංකොක්කාවල පිල්ලකන්ද පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

පැමිණිලිකාර කැනේඩියානු ජාතික කාන්තාව ඉකුත් 30වන සෙනසුරාදා ඡායාරුප ගැනිම සඳහා කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු ද පැමිණ ඡායාරුප ගැනිමට උදව් කරන මුවාවෙන් ඇයට ලිංගික අතවර සිදු කර තිබේ.

පසුව ඇය ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයටද කැනඩා මහ කොමසාරිස් කාර්යාලයටද පැමිණිලි කර ඇත.

ඇය සතුව තිබු ඡායාරුපයක් මගින් සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබේ.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රොහාන් ආලෝක සැරයන් පුෂ්ප කුමාර(4500) කොස්තාපල්වරුන්වන කණිෂ්ක(68093)ඉන්දික(71786) නුවන්(86239) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.