විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ඒ  සඳහා  භාවිතා  කරන උණ්ඩ  කිහිපයක්  සමඟ  පුද්ගලයෙකු  අද (04) අත්අඩංගුවට ගත්බව කල්තොට පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත්  සැකකරු පරීක්ෂා  කිරීමේ දී ඔහු සන්තකයේ තිබි  හෙරොයින්  මත්කුඩු  මිලි ග්‍රෑම්  200 ක  ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (04)  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.