විදුහල්පතිගේ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනක් අත්අඩංගුවට


(තුසිත කුමාර ද සිල්වා) 

බේරුවල ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිගේ නිල කාමරයේ තිබූ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනකු අද (02) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පැවසීය.

සිය පාසලේ දී ශ්‍රමදාන කටයුත්තකට පැමිණි විදුහල්පතිවරයා තම නිල කාමරයේ තිබූ පරිගණකය නොමැති වීම පිළිබඳ බේරුවල පොලිසියට කළ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනා හා පරිගණකය සොයා ගෙන තිබේ.

සිසුන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ පරිගණක ක්‍රීඩා සඳහා පරිගණකය රැගෙන ගිය බවත් විදුහල්පති නිල කාමරයේ ජනෙල් කූරු ඈත් කර එයට ඇතුළු වූ බවත්ය.

පොලිසිය එම පරිගණකය සොයා ගන්නා විටත් කොටස්වලට ගලවා තිබී ඇති අතර විටින් විට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හේතුවෙන් පරිගණකය ක්‍රියාත්මක කිරීමට එම සිසුන්ට නොහැකි වී ඇති බව පොලිසිය සඳහන් කළේය.