වාරියපොලින් අත්බෝම්බ තුනක්


(කුරුණෑගල අධිකරණ - රවීන්‍ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල කැලේගම ප්‍රදේශයේ කැලෑවක තිබී සජීවී අත්බෝම්බ තුනක් හමුවූ බව වාරියපොල පොලිසිය කියයි. අද (02) සවස දර කැඩීම සඳහා එම ප්‍රදේශයට ගිය ගම්වැසියෙකු මෙම බෝම්බ තුන රෙදිකඩක ඔතා ගසක් මුල තිබෙණු දැක ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබිණ.

කාලයක සිට මෙම අත්බෝම්බ එම ස්ථානයේ තිබුණු බවට පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වූ බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය. මූලික පරීක්ෂණ වලින් අනතුරුව වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතාට පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට ලබාගත් නියෝගයකට අනුව කුරුණෑගල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් පැමිණ බෝම්බ තුන නිෂ්ක්‍රිය කලහ.
මෙම අත්බෝම්බ යුධහමුදාව සහ විශේෂ කාර්ය බලකාය පාවිච්චි කරන SFG 81 වර්ගයේ ඒවා බව පොලිසිය කියයි.