රොමේෂ් මධුෂංඛ
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දී අද (4) ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.
උතුරු පළාත පුරා ලං.ග.ම බස් රථ ධාවනයෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතවන අවස්ථාවේදී යාපනය පේදුරුතුඩුව ඩිපෝවේ සිට අච්චුවේලි දක්වා එක් බස් රථයක් ධාවනය වී ඇති අතර එහිදී ධාවනය වූ බස් රථයට අච්චුවේලි ප්‍රධාන මාර්ගයේ දී කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයකු ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බවට අච්චුවේලි පොලීසියට තොරතුරු ලැබී තිබේ.
අදාළ ගල් ප්‍රහාරය එල්ල වීමෙන් බස් රථයේ වීදුරු කිහිපයක් බිඳී ගොස් ඇති අතර බස් රථය තුළ සිටි කිසිවෙකුටත් හානියන් නොමැති අතරම ගල් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතරම එම පුද්ගලයින් සොයා පරික්ෂණයක් ආරම්භ කළ බවටද අච්චුවේලි පොලීසිය පවසයි.