(ගල්ගමුව නිහාල් ජයවීර )
ගල්ගමුව ,පාළුකඩවල වැව් ඉස්මත්තේ සිදු කරන්නේ යැයි කියන වන විනාශයට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් පාළුකඩවල වැව් බැම්ම මත පැවැත්විණ.
පරිසර සංවිධාන එකමුතුව හා සමාජවාදී තරුණ සංගමය ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි .
"මතු පරපුරට වින කටින පරිසර විනාශය නවතනු ", "රටට ආදායම් ගෙනෙන අලි සම්පත රැක ගනිමු " ," කැලේ බදු දෙයි.අලි ගම් වදිති " , " ගල්ගමුව ජනතාව නිහඩ නෑ" , " වැවක ජීවය වැව් ඉස්මත්තයි."," ඔක්සිජන් නැතිව මැරිලා පාංශුකූලේ මොකටද ." ආදි සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණි.
මේ උද්ඝෝෂණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පරිසරවේදීහු ,ස්වෙච්ඡා සංවිධානවල නියොජිතයෝ, පාළුකඩවල ඇතුළු ගම්මානවල ජනතාව සහභාගි වූහ .