වතුපිටිවල අපනයන සැකසුම් කලාපයෙන් කොරෝනා රෝගීන් නවයක්


ආනන්ද ඉ ජයකොඩි

වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක අලුතින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් නම දෙනකු හමු වී ඇති බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

අහඹු ලෙස කරන ලද පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා අනුව එසේ වයිරසය ආසාදිතයින් හමු වී ඇති බව වතුපිටිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඇල්.පී.මංජුල මහතා පවසයි.

එසේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකට අනුව මාතලාන ප්‍රදේශයෙන් ද කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු හමු වී ඇති බවද ඒ මහතා කීය.

එම ආසාධිතයන් ගේ පළමු ආශ්‍රිතයින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු කර ගෙන යන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.