IMG-LOGO

ගුරු බඳවා ගැනීම් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ශික්ෂණලාභී ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින  ක්‍රමවේදයට අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී  පැවසුවාය. 

ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍යවරිය කීවාය.

විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. 

"සේවයේ සිටින ගුරුවරු විශ්‍රාම යාම නිසා පාසල් පද්ධතියේ පවතින ගුරු පුරප්පාඩු, දුෂ්කර ප්‍රදේශ වල පවතින විෂය විවිධත්වය යන කරුණු සියල්ල සලකා බලනවා. විෂය මට්ටමින් ගුරු පුරප්පාඩු ගණනය කර විද්‍යාපීඨ  මට්ටමින් එකවර බඳවා ගැනීමට  පවතින පහසුකම්ද සලකා බලා ශික්ෂණලාභීන් බඳවා ගැනීම තීරණය කරනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (1)

ගුරු බඳවා ගැනීම් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

kumara Tuesday, 20 May 2025 07:54 PM

මොන බඳවාගැනීම් වලටත් කලින් ගුරුවරියන්ට බොන්න වතුර ටිකක්, වැසිකිලි කැසිකිලි පහසුකම් ටිකවත් හදලා ඉන්න. දන්න නිසා කියන්නේ, ගුරුවරියන් පුදුම දුකක් විඳින්නේ ආපු අලුත දුෂ්කර සේවයට දාලා. අලි ඉන්න පාරවල් වල, පැය දෙක තුන යන තත්ත්වයන් සමථයකට පත් කරන්න. ගුරු නේවාසික පහසුකම්, ආරක්ෂාව ඇති කරන්න. ඉස්කෝලවල වතුර බොන්නවත් බෑ. ටොයිලට් යන්නැතුව දවසම තද කරගෙන ඉන්න වෙලා තියෙන්නේ. මහ පාපයක් ගෙවනවා වගේ ගුරුවරයෙක් වෙන එක, උපාධියකුත් තියාගෙන. ඒ නිසා ඒ දේවල් හදලා බඳවා ගන්න. අද කාලේ ඉගෙන ගත්ත කෙනෙක් ඔය දුක විඳින්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site