මෑත කාලීනව වාර්තා වූ හදිසි අනතුරු වලින් බොහොමයක් රිය අනතුරු බැව් ප්‍රකට කරුණකි. ඉකුත් පස් මසක් වැනි කෙටි කලක් තුළ රිය අනතුරු 965ක් පමණ වාර්තා වුණි. ඉකුත් දෙවසරකටත් පමණ වැඩි කාලයක් තුළ සිදු නොවුණු - අමතක නොවන ඝනයේ සිදුවීම් කීපයක්ම ඒ තුළ වි ය.
ඒ 2024 නොවැම්බර් මාසයේ දී සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් බදුල්ල ආසන්නයේ දී පෙරළී - සිසුන් 2 දෙනෙකුට දිවි අහිමි වී තවත් සැලකිය යුතු පිරිසකට තුවාල සිදුවීමත්, 2024 මාර්තු 16 වැනිදා මධ්‍යම පළාතේ දී රාත්‍රි කාලයේ බස් රථයක් අනතුරකට ලක්ව පුද්ගලයෙකු මියගොස් 37 දෙනෙකුට තුවාල සිදුවීමත්, තවමත් බොහෝ දෙනෙකුගේ මතකයෙහි පවතී.
පස්සර දී සිදු වූ අනතුර ද තවමත් බොහෝ දෙනෙකු ගේ ස්මෘතිය තුළ රැඳී පවතී. එහිදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 13 දෙනෙකුට දිවි අහිමි කෙරුණේ රියැදුරු ද සමගිනි.
පුද්ගලයින් 22නෙකු එකම මොහොතක මරු තුරුලට යැවූ ඛේදනීය රිය අනතුරක් වාර්තා වූයේ පසුගිය මැයි 11වනදා ය. එය කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදු වූවකි. තුවාලකරුවෝ 40 දෙනෙකු පමණ තවමත් නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, නාවලපිටිය, පේරාදෙණිය සහ මහනුවර වැනි රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබති. ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි අයෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කීප දෙනෙකු ගේ තත්ත්වය එතරම් සතුටුදායක නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2012දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම කරල තියෙනව ලංගම බස් රථ මගින් හරවන්න බැහැ. නෝමල් ටර්න් යන්න ඕන සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා කාල සටහන් සැකසිය යුතුයි කියළ. නමුත් වසර 13ක් වනතුරු එලෙස කාල සටහනක් සකස් කරල නැහැ. එසේ නොමැතිවීම හේතුවෙන් වර්තමානයේ තරලකාරීත්වයක් තුළ බස්රථ ධාවනයට යොමුව තියෙනවා.
(ගැමුණු විජයරත්න)
මෙම අනතුරේ දී සිදුවූ බොහෝ අහිමි වීම් සමග වඩාත් ප්‍රචලිත වූ භාවාතිශය දසුන වූයේ - මවක් යකඩ කඳක් තම දෙඋර මත රඳවමින් කිරිකැටි බිලිඳියකගේ දිවි බේරාගෙන තිබූ සංසිද්ධියයි. එකී දසුනෙන් - යකඩවලටත් වඩා මවකගේ සෙනෙහස ඝනත්වයෙන් හා ස්කන්ධයෙන් වැඩි බැව් ලොව හමුවේ රැව්පිළිරැව් දුන්නාය.
කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් මෙම බස් රථය නුවරඑළිය -ගම්පොල ප්‍රධාන මාර්ගයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගියේ කිසිවෙකු නොසිතූ නිමේෂයකය. වෙසක් සතිය ඇරඹීමත් සමග බොහෝ දෙනා එදින රාත්‍රියේ බසයට ගොඩ වූයේ උතුම් වූ වෙසක් මංගල්‍ය සියැසින් දැකබලා පවුලේ හිතවතුන් සමග එකට එකතු වී ගත කිරීමටය. ඇතැමෙක් බසයට නැග්ගේ පසුදා රාජකාරි කටයුතු සඳහා ය. එනමුත් ඒ කිසිවෙකුට අපේක්ෂිත ගමනාවසානය තෙක් ඒමට නොහැකි වූයේ - ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී තම තමුන්ගේ ඉරණම විසඳීමට දෛවය තීන්දු කර තිබූ නිසාය.
මේ මොහොත වනවිට අනතුරේ හදකම්පා කරන දසුනක් වූ යකඩ කඟ දෙව්රමත දරා ගනිමින් කිරිකැටි බිළිඳාට ජීවිතය දුන් මව ජීවිතය හැරගොස්ය. මව්පියන්ට දරුවන්ද, දරුවන්ට මව්පියන්ද, ස්වාමියාට බිරිඳ ද, බිරිඳට සැමියා ද එකිනෙකාට අහිමි කරමින් යළි නොඑන ගමන් ගොස් තිබුණේ සිය ඥාති හිතෛෂීන්ගේ පමණක් නොව සවන් වැකුණු සංවේදී නන්නාඳුනන්නන් ගේ පවා නෙත් කෙවෙනි තෙත් කරවමිනි.
කතරගම සිට නුවරඑළිය දක්වා ගමන් ආරම්භ කර පසුව නැවතත් කුරුණෑගලට පැමිණීම එතරම් පහසු ගමනක් නොවන නිසාවෙන්- ස්ථාන තුනක දී ගිමන් හැර පිටව යාම බස්රියැදුරුගේ පුරුද්දක් විය. වසර 14 ක් වැනි කාලයක් රියැදුරෙකු ලෙස සේවය කරමින්, මෙම මාර්ගයේ වසර 4ක පමණ කාලයක් බස්රථ ධාවනය කළ පළපුරුදුකරුවෙකු වූ ඔහුට මෙම ගමන – කිසි විටෙක කිසිම ලෙසක ආගන්තුක නොවීය. නමුත් ඒ සියලු කරුණු කාරණා ශූන්‍ය නිසරු දෑ කරමින් - 11 වෙනිදා රාත්‍රියේ ගමන් ගත් 70කට අධික මගීන් සමග බසය ප්‍රපාතයට පෙරළී ගියේ කුමක් නිසාද ? “සැවොම කතා වන්නේ රියැදුරා නිදා නොගෙන ඉන්න ඇති, එසේත් නැතිනම් මගීන් වැඩිවන්නට ඇති, ...” වැනි මෙවන් අනතුරකින් පසු පොදුවේ කියැවෙනු ඇසෙන කාරණයන් පමණි. ඒ පිළිබඳව ද කතා කළ යුතුය. එහි දොසක් නැත.
නමුත් මතුපිටින් පෙනෙන දෙයට අමතරව මෙහි ගැබ් වූ සැඟවුණු ගුප්ත අදෘශ්‍යමාන බලවේගයක් තිබේද?
සාමාන්‍යයෙන් මගීන් 54ක් පමණ බස්රථයක ප්‍රවාහනය කළ හැකි බව ඔබත් මමත් දන්නා කරුණකි. නමුත් මෙම බස්රථයේ මගීන් 70කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කිරීම මෙම අනතුරට මූලික හේතුව වූවාද ? මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මෙවන් වූ අදහසකි.
දුරගමන් ධාවනය කරන බස්රථ සඳහා අනිවාර්යයෙන්ම රියදුරන් දෙදෙනෙකු සිටිය යුතුයි
“ලංගම හෝ වේවා පෞද්ගලික බස් එකක් හෝ වේවා ගමන් කළයුතු නියමිත මාර්ගයක් තියෙනවා. 2012දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම කරල තියෙනව ලංගම බස්් රථ මගින් හරවන්න බැහැ. නෝමල් ටර්න් යන්න ඕන සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා කාලසටහන් සැකසිය යුතුයි කියල. නමුත් වසර 13ක් වනතුරු එලෙස කාල සටහනක් සකස් කරල නැහැ. එසේ නොමැතිවීම හේතුවෙන් වර්තමානයේ තරඟකාරීත්වයක් තුළ බස්රථ ධාවනයට යොමුව තියෙනවා. සාමාන්‍යයෙන් රාත්‍රි කාලයක තැන්න ප්‍රදේශයක ධාවනය කිරීම අපහසු කටයුත්තක් නෙවෙයි. නමුත් තැන්නෙ ඉඳල කඳුකර ප්රදේශයකටත් කඳුකර ඉඳන් තැන්නකටත් ධාවනය කිරීම අපහසු කාර්යයක්. හේතුව අධික මීදුම් සහිත තත්ත්වයක් පවතින නිසා. ඩ්‍රයිවර්ට නින්ද ගියා, ඩ්‍රයිවර් සෙරෙප්පු දාගෙන හිටියා කියල චෝදනා එල්ල කරල වැඩක් නැහැ . ඕනෑම මාර්ගයක වාහනයක් ධාවනය කළ යුතු ධාරිතාවක් තියෙනවා. බයිසිකලයක්, ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක් වගේම බස් රථයක් වැනි වාහනත් මගීන් ප්‍රවාහනය කරද්දිත් ධාවනය කළයුතු යම් ධාරිතාවක් තියෙනවා. ඒව ගැන අවධානයක් තිබිය යුතුයි. ඒ වගේම සංඛ්‍යා ලේඛනයක් තිබිය යුතුයි. අනතුරු බහුල වෙන්න ප්‍රධාන කරුණක් තමයි ලයිට්, යම් යම් අංගෝපාංග එල්ලල තියෙනවා. ඒ සියල්ලක්ම අයින් කළ යුතුයි. රියැදුරන්ට විවේක ගන්න නිසි ස්ථාන තියෙන්න ඕන. මේ හැම දෙයක්ම නිසි නියාමනයකින් සිදුකළ යුතු දේවල්. ඒ වගේමයි බස් නඩත්තුව ගැන මූලිකවම අවධානය යොමුකරන්න ඕන. බාල අමුද්‍රව්‍ය යොදා ගෙන නවීකරණය නොකළ යුතුයි. නමුත් සිදුවෙන්නෙ එවැනි ක්රියාවන්මයි. ඒ නිසා මෙවැනි අනතුරු බහුල වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ අනතුරු අවම කරගන්න. ඒකට නිසි නියාමනයක් අවශ්‍ය කරනවා. මම දකින විදියට මේ අනතුරත් එවැනි නිසි නියාමනයක් නොමැතිකම නිසා සිදු වූවක්.”
කතරගම සිට නුවරඑළිය දක්වා ගමන් ආරම්භ කර පසුව නැවතත් කුරුණෑගලට පැමිණීම එතරම් පහසු ගමනක් නොවන නිසාවෙන්- ස්ථාන තුනක දී ගිමන් හැර පිටව යාම බස්රියැදුරුගේ පුරුද්දක් විය. වසර 14 ක් වැනි කාලයක් රියැදුරෙකු ලෙස සේවය කරමින්, මෙම මාර්ගයේ වසර 4ක පමණ කාලයක් බස්රථ ධාවනය කළ පළපුරුදුකරුවෙකු වූ ඔහුට මෙම ගමන – කිසි විටෙක කිසිම ලෙසක ආගන්තුක නොවීය. නමුත් ඒ සියලු කරුණු කාරණා ශූන්‍ය නිසරු දෑ කරමින් - 11 වෙනිදා රාත්‍රියේ ගමන් ගත් 70කට අධික මගීන් සමග බසය ප්‍රපාතයට පෙරළී ගියේ කුමක් නිසාද ?
“මේ අනතුරට තවත් හේතුවක් තමයි, තුනේ දෙකේ සීට් තිබීම. සාමාන්‍යයෙන් එහෙම සීට් තියෙනවනම් සීට් අතර යම් පරතරයක් තියෙන්න ඕන. 54ක් පමණක් ගමන් කළ හැකි බස් රථයක ඊට වැඩියෙන් 25ක් 30 ක් ගමන් කරල තියෙනවා. මේකෙන් වෙන්නෙ ගමන් කිරීමට අපහසු නිසා අනතුරුවලට ලක්වීම. මෙතනදිත් සිදුවෙලා තියෙන ප්‍රධානතම ගැටලුව තමයි දැරිය නොහැකි ලෙස මගීන් පැටවීම. ඒ නිසා නිසි නියාමනයක් යටතේ මේ ගැන සොයාබලා විශේෂයෙන්ම දුරගමන් සඳහා යොදවන බස් රථ ප්‍රමිතියකට අනුකූලව යොදවන්න ඕන”
අනතුරට හේතු වූ මතුපිටට නොපෙනෙන බොහෝමයක් කරුණු කාරණා පිළිබඳව අවධානය යොමුකරමින් කරුණු දැක්වූ හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේ දුර ගමන් ධාවනය කරන බස්රථ සඳහා අනිවාර්යයෙන්ම රියැදුරන් දෙදෙනෙකු සිටිය යුතු බවයි පෞද්ගලික බස් රථවල නම් අනිවාර්යයෙන් දෙදෙනෙකු සිටින බවත්, මේ ක්‍රමවේදය ලංගම බස් රථ සඳහාත් එක්කළ යුතු බවත්, ය. එමෙන්ම සාමාන්‍යයෙන් පැය 6ක හෝ 7ක කාලයක් ධාවනය කරනවානම් නිසැකවම පැය 4කට පමණ වතාවක් හෝ විවේකයක් ලබාගැනීම අනිවාර්යය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මෙවැනි තත්ත්වයන් යටතේ මාර්ග අනතුරු අවම කර ගැනීමට රියැදුරන් මෙන්ම මගීන් ද එකාවන්ව පෙළ ගැසිය යුතුය. කෙතරම් පළපුරුදු දක්ෂ රියැදුරෙකු වුවද - යම් තැනක දී අසාර්ථක වන්නට පුළුවන. එවැනි අසාර්ථක වූ ඛේදනීය පුවතක් ලෙස මෙම පුවත සමාජගත වී හමාරය.
සාමාන්‍යයෙන් බරවාහන මගී බලපත්‍රයක් නිකුත් කිරීමේ දී මෙන්ම ඕනෑම රියැදුරෙකු මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම අත්‍යවශ්‍ය කාරණයක් බව කවුරුත් දන්නා සත්‍යතාවකි. මේ පිළිබඳව ප්රස්තුත විෂය පිළිබඳ ප්‍රවීණයකු වන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ගෙන් කළ විමසුමක දී හෙතෙම පළ කළේ මෙබඳු අදහසකි.
“ඇත්තෙන්ම මේ අනතුර ගැන අවධානය යොමු කරනවිට එම රියැදුරාට හරියාකාර විවේකයක් ලැබුණා ද කියන ගැටලුව නිතැතින්ම මතු වෙනවා. නමුත් අපිට ඒ පිළිබඳව නිශ්චිත ලෙසම සඳහනක් කරන්නට බැහැ. සමස්තයක් ලෙස ගත්තම මෑතකාලීනව රිය අනතුරු වගේම අනෙකුත් අනතුරුත් ඉහළ ගිහින් තියෙනවා. නමුත් මේ අනතුරු වළක්වන්න නිසි ක්‍රියාමාර්ග ගන්නවා ද කියන කාරණය තවමත් ගැටලුවක්. ඒ වගේමයි සමස්තයක් ලෙස ගත්තම රියදුරා අනිවාර්යයෙන්ම මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය යුතුයි. මුල්ම කාරණය තමයි අතපය නිසියාකාරව චලනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ වගේම නිසියාකාරව ඇස් පෙනීම තිබිය යුතුයි. වාහනය හැරවීම නතර කිරීම වැනි කාරණයන් ගැන රියදුරාට මනා හැකියාවක් තියෙන්න ඕන. යම් රියැදුරෙකුට පෙනීමේ යම් ගැටලුවක් පවතිනවා නම් කණ්ණාඩි පැළඳීම අනිවාර්යය කාරණයක්. යම් නිදන්ගත රෝග පවතී නම් ඒවාට නිසියාකාර ප්‍රතිකාර ලබාගන්න ඕන.”
“ඒ වගේමයි දිගු ගමනක් ධාවනය කිරීමේ දී ඕනෑම රියැදුරෙකුට නින්ද කියන දේ අත්‍යාවශ්‍ය කාරණයක්. යම් හෙයකින් නිදිමතක් පැමිණිය හොත් මඳකට වාහනය නතර කර විනාඩි පහක් හෝ දහයක් නිදාගත්තා ට කිසිදු ගැටලුවක් නැහැ. නිදිමතේ ගමන් කරනවාට වඩා යම් විවේකයක් අරගෙන ගමන් කිරීම වඩාත් යෝග්‍යයි කියලයි මම හිතන්නේ. අනෙක් කාරණය තමයි බස් රථ ධාවනය කරන ඇතැම් රියැදුරන් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කර තිබීම. අදවන විට එය ප්‍රධානතම ගැටලුවක් .එමෙන්ම ගොඩාක් අනතුරුවලට හේතුව වෙලා තියෙන්නෙත් බීමත්ව රිය පැදවීම කියන කාරණය.”
වෛද්‍ය පරීක්ෂණයේ දී පමණක් නොව එදිනෙදා ධාවනය කිරීමේ දී ද මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම ඕනෑම රියැදුරෙකුට අත්‍යාවශ්‍ය කාරණයක් බවත්, එමෙන්ම පවතින්නා වූ මෙම ක්‍රමවේදය සත්‍ය ලෙසම වෙනස් විය යුතු බවත්, වෛද්‍යවරයා සඳහන් කළේය.
හදකම්පිත මෙම රිය අනතුර පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කිරීම සතුටට කරුණකි. කෙසේ වෙතත්, කුමන කතා ඉදිරිපත් වුවත් රටක් හඬවා මේ වනවිට විසිතුන් දෙනෙකු මරු තුරුළට ගොස් හමාරය. බස් රථවල නඩත්තුව නිසියාකාරව පැවතීම මාර්ග අනතුරු වළක්වා ගැනීමට මූලික හේතුවක් වේ. පසුගිය කාලවකවානුව තුළ ඇතැම් බස්රථ සඳහා පරණ තහඩු භාවිත කර තිබූ බව නොරහසකි.
එසේ පරණ බස්් රථවල තිබෙන පහසුකම් මඳකම නිසාවෙන් ගමනාගමනයට නුසුදුසු තත්ත්වයකට පත්ව තිබුණි. ගමනාගමනයට සුදුසු ලෙස නිර්දේශයට ගත හැක්කේ සත්‍ය ලෙසම පහසුකම් සහිත බස් රථ බව නම් නොරහසකි. එවිට ඕනෑම අයෙකුට අපහසුතාවකින් තොරව ගමන් කිරීමටත්, එමෙන්ම මතුවන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ද අවම කරගැනීමටත්, හැකිවනු ඇත.
පරිවේෂ්වනීය සාධක එසේ සැකසෙද් දී මගීන් ලෙස අප සතුව ද යම් මට්ටමක වගකීම් සමුදායක් ඇත. රියැදුරෙකු ලෙස සලකන්නේ බස්රථ ධාවනය කරන රියැදුරන් පමණක්ම නොවේ. ගමනාරම්භයේ දී පටන් ගමන අවසන් කරන තුරුම රියැදුරා සමග සුහදව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම දැරිය හැකි ප්‍රමාණයකට මගීන් නංවාගැනීම මෙන්ම මාර්ගයේ ධරිතාව පිළිබඳව ද අවධානය යොමුකළ යුතුය. එමෙන්ම මගීන් ලෙස අප සිදුකරන අකටයුත්තක් නම් ඉක්මනින් ගමනාන්තයට රැගෙන යන ලෙස රියැදුරුට බල කිරීම හෝ අනවශ්‍ය අභිප්‍රේරණ සිදු කිරීමයි. ඔහුට විවේක ගැනීමට අවශ්‍ය නම් ඊට ඉඩ ප්‍රස්ථාව ලබාදීම අප යුතුකමයි. එයින් සුරැකෙන්නේ මගීන් වන අපගේ ජීවිත පමණක් නොවේ. මහමග ගමන් ගන්නා පදිකයන්ගේ ද ජීවිතයි.
මදූශා දිල්ශානි