IMG-LOGO

කොළඹ ඇළ මාර්ග - කාණු කඩිනමින් පිළිසකර කරන්න උපදෙස්

(අංජුල මහික වීරරත්න)

කොළඹ දිස්ත්‍රික්කයේ  ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය පැතිරීම දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරීන්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය. 



අදහස් (0)

කොළඹ ඇළ මාර්ග - කාණු කඩිනමින් පිළිසකර කරන්න උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site