IMG-LOGO

පසුම්බි හොරා අල්ලන්න ගිය රෝහල් සේවකයාට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
බොරැල්ල ආර්යා ළමා රෝහලට ඊයේ (20) දහවල්  ඇතුළු වූ පුද්ගලයෙකු   සාත්තු සේවිකාවන්ගේ මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
 
පලායමින් සිටි එම පුද්ගලයා අල්ලා ගැනීමට ගිය සුළු සේවකයෙකු ද පිහි ප්‍රහාරයට ලක්ව  තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 
වායු සමීකරණ අළුත්වැඩියා කරන මුවාවෙන් ඍජුවේ  ආර්යා ළමා රෝහලේ තෙවන මහලේ හත්වෙනි වාට්ටුවට ඇතුළුව තිබූ එම පුද්ගලයා  මුදල් පසුම්බි වල තිබූ මුදල් සොරා ගන්නා අයුරු අයුරු එහි සේවිකාවක් දැකීමෙන් අනතුරුව මෙම පුද්ගලයා එම ස්ථානයෙන්  පලායාමේදී ඔහු පසුපස හඹා ගිය සුළු සේවකයෙකු ඔහු අල්ලා ගැනීමට තැත් කිරීමේදී සඟවාගෙන  සිටි උල් පිහියකින් ඔහුගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කර පිටුපස තාප්පයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
එම සේවකයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත්  කර ඇත.



අදහස් (1)

පසුම්බි හොරා අල්ලන්න ගිය රෝහල් සේවකයාට තුවාල

ගුණරත්න Tuesday, 20 May 2025 10:36 PM

රෝහල් ඇතුලේ ආරක්ෂාව කොහොමද කියල අපි පසුගිය කාලේ දැක්ක, රටේ විශාලතම ළමා රෝහලේ ආරක්ෂාවේ හැටි අද අපි දැක්ක. ඔන්න පුනරුදේ තරම, කලින් අර තරම් නින්දිත දෙයක් වෙලත් මේ ආණ්ඩුවේ උන් වගේ වගක් නැතිව ඉන්නවා, මුන් අවුරුදු 5ම ඔහොම කාලා දාවී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 345 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1852 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site