IMG-LOGO

බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

(යොහාන් භාසුර )

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙකු සහ එම රැඳවියාගේ පවුලේ සාමාජිකයන් සමග වැලිගම නගරයෙන් බැහැර ස්ථානයකට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ සහ බන්ධනාගාර රියදුරෙකුගේ  වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

අගුණකොළපැලැස්ස  බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුගේ සහ රියැදුරෙකුගේ මෙසේ වැඩ තහනම් කර ඇති බවත් පසුගිය 16 වැනිදා සිදු වූයේ යැයි කියන අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් එම නිලධරියා සඳහන් කළේය.

මෙම බන්ධනාගාර බස් රථය රැඳවියෙකු සමග වැලිගම දුම්රියපොළ ආසන්නව නවතා බන්ධනාගාර නිලධාරීන් රැඳවියා බස් රථයේ තබා වැලිගම නගරයේ වෙළෙඳසැල් වෙත ගොස් කිසියම් භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් පසුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව ගොස් ඇති බවත් වාර්තා වී ඇති බවත් එම නිලධාරියා කීය.

එම අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ කිසියම් කන්තාවක් හා කුඩා දරුවකු සිටි බවට වාර්ථා වූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 

(ඡායා -කඹුරුගමුව- තරංග ගුණරත්න)



අදහස් (0)

බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site