(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලෝමීටර් 14 කින් යුත් වත්තහේන මාර්ගය පිළිසකර නොකිරීම හේතුවෙන් අපහසුතාවයකට පත්ව ඇතැයි පවසමින් ප්‍රදේශවාසීන් අද (11) යක්කලමුල්ල වත්තේහේනදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම මාර්ගය කාපට් කර මගී බස් රථ පවා යොදවන බවට බලධාරීන් දුන් පොරොන්දු පුස්සක් බවට පත් වී ඇති බවයි.
උඩුගම රෝහලට යෑමට ඇති විකල්ප මාර්ගයක් වන මෙම මාර්ගයේ ග්‍රාම නිලධාරි වසම් 9 ට අයත් ජනතාව ජීවත්වෙන බවද උද්ඝෝෂකයෝ පැවසූහ.
උද්ඝෝෂකයන් තවදුරටත් පවසා සිටියේ බලධාරීන් තමන්ගේ හඬට කන් නොදීම හේතුවෙන් මෙම උද්ඝෝෂණය පවත්වන බවයි. මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.