වගා ළිඳට වැටී ගොඩගත් අලි පැටවා වනජිවීයට බාරදෙයි



 
 
අමදෝරු අමරජීව

 
කන්තලේ වාන්ඇල  ප්‍රදේශයේ  දිවුල්ගස් වැව වගා ළිඳකට වැටුණු  අලි පැටවකු  ගොඩගත් වනජිවි සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය එම අලි පැටවාගේ මව සොයාගැනීමට නොහැකි වීම නිසා අද (4) උදෑසන ගිරිතලේ පිහිටි  වනජිවි පශු වෛද්‍ය  ඒකකයට බාරදෙනු ලැබීය.
 
මාස හතරක් වන පිරිමි අලි පැටවෙකු  වන මෙම පැටවා  වගා ළිදෙන් ගොඩගෙන  මව එනතෙක්  පැටවා තබාගෙන සිටි බව  එම ඒකකයේ අඩවි ආරක්ෂක පි.එම්.බි.විජේකෝන් මහතා පැවසීය. මවගෙන් මග හැරුණු පැටවා  මව සොයාගැනීමට නොහැකිවීම නිසා  මෙසේ පශු වෛද්‍ය  ඒකකයට භාරදීමට කටයුතු කෙරිණි.