(ඩී.ජී.සුගතපාල)
කාන්තාවකගේ රන් මාලය කොල්ලකන ලද බව කියන යුද හමුදා සෙබලෙක් අද (09) අත්අඩංගුවට ගත්බව හබරාදුව පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම මිගහගොඩ පදිංචි ගැමුණු හේවා බලකායේ තෙලිප්පලේ කඳවුරේ සේවය කරන හමුදා සෙබලෙකි.
සැකකරු කෙටි නිවාඩුවක් ලබාගෙන පැමිණ තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් යමින් සිටියදී අඟලුගහ ප්‍රදේශයේ කුඩා දරුවෙකු සමඟ පයින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කොල්ලකා පලාගොස් ඇත.
එම කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සැකකාර හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

