(බන්දු තඹවිට)
වැලිපැන්න පොලිස් වසමේ රන් මාල 4 ක් කොල්ලකෑමේ චෝදනාවට සැකපිට ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු අද(21) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි තැනැත්තෙකි.
දේවාලයට පැමිණි බැතිමතුන්ගේ පූජා බාරගනිමින් දේව පූජා පවත්වමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව හෙරොයින් මිලි ග්‍රෑම් 40 ක් ද තිබී සොයාගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.
කොල්ල කෑ රන් භාණ්ඩවලින් කොටසක් අගලවත්ත වියන්ගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට විකුණා තිබියදී සොයාගෙන ඇත. කොල්ලකෑම සඳහා යොදාගත් යතුරුපැදියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම සැකකරුට එරෙහිව පහරදීම් සහ හෙරොයින් සම්බන්ධ නඩු කිහිපයක් ද අධිකරණයේ විභාගවෙමින් පවතින බවද හෙළිවී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

